Pages

Friday, August 13, 2010

සොදුර.....

එකින් එක පෙල ගැසෙන
සියක් වූ ඔවුනතර
සෙවූයෙමි සොදුර නුඹ
වරක් දෙවරක් නොවේ දහස් වර......


එවන්වර ඔබ නොදැක
සිත දැවෙන කනිසමට
මොහොතකට පෙර මෙන්න
ඔබ ඇවිත්.....


මහ පොලව උසුලාන
මහා බර ගොඩක් මැද
ඔබේ ඔය සොදුරු පා
ඇයට උව සිසිලසකි...


එබර වුවනොදැනෙන්ට
මෘදුව පා තබන ඔබ
සියක් පියවර තබා
පැමින ඇත...........


කොවුලනේ ගී ගයවු..
සිහිල් මද නල හමන්..
පච ගහේ මල් පිපී,
ඇගේ පාමුල වැටෙන්...!


මුවින් මුව කොදුරනා

අගක් නැති මුලක් නැති
දහසකුත් කතා මැද,
ඔබේ ඔය මියුරු සර
හමන මදනල සමග
මුසුව පාවී ඇවිත්
මී විතක් ලෙස මගේ
සවන් අග පිරීයන්.....!


ඔබෙ සිනා දකින විට
ධමනි එකිනෙක පැලී
පර්ශු කූඩුව කැඩී,
හෘදයම පොලාපැන
මගෙ පයට පෑගෙන්ට
වැටෙයි මට නොදැනීම...


ගලින් ගඩොලින් තැනූ
අදුරු කොරිඩෝර දිග
දහස්වර පියමනිමි
සොදුර ඔබ එක් වරක් දකින්නට...


ඇනාටොමි ෆිසියොලොජි
නිදිකිරන ලෙක්චරේ අතරතුර
ඔබේ රසදුන නිතර
මට පෙනෙන සිහිනයකි...


නින්ද නැතිවම දකින
නෙතින් ගිලිහෙන සිහින
ඔබේ පාමුල වැකෙන
දූලි බිදුවක් වුවද,
තවම මන් පෙම් කරමි
ඔබේ හිනැහෙන නෙතට..


ඔබ නොදැක රතුව ගිය
නෙතට කදුලැලි උනන
නියත හෙට දිනය 'අද'
තැවෙන මට සිහිනයකි..


නමුත් ඒ හෙට දිනෙත්.....,


කොවුලනේ ගී ගයවු..
සිහිල් මද නල හමන්..
පච ගහේ මල් පිපී,
ඇගේ පාමුල වැටෙන්...!

2 comments:

  1. Nice poetry.Honestly it's nice.Any story behind the words?

    ReplyDelete
  2. අවුරුදු දහයකට කලින් ලපටි අංකුරයක් දැන් නුග ගසක් පස් වසක පිළිලයක් එතී නොතිබුනානම් මෙලහකටත් කප් රුකක් වන්නට තිබුනා..නමුත් පමා නැත..ඉදිරියට ම වැඩෙන්න..✌️

    ReplyDelete