පෙලේගෙයා නිලව්නා..
හිමකබාය තුල සැගවුණ
තහනම් පත්තර
කම්මලට ගෙනයන....,
බැටන් පොලු මත නිදන
පොලිස් සෙබලුන් සමග
'ජනතා හිතවාදී'
කම්මල් හිමියන්
උකුසු ඇසකින් බලාවී!
ඔබ කෑ ගසන හඩ
දුම්බටේ ගොර ගොර හඩ
පරදවන්නට
වෙරදරයි...
නමුත් අපොහොසත් වෙයි!
"ගෝවා සුප්,මැකරෝනී"
ඔබ හඩ තලයි..
යන්ත්‍රයට දියවූ,
දුමින් කළුගැසුනු,
ඔවුන්,
ඔබ වෙතට එයි....
ගෝවා මැකරෝනී විකිනෙයි!
දරු ස්නේහය ඉතිරී,
ඔබ මදහස් නගයි...
ගෝවා සමග පත්තරද බෙදෙයි!
ලොවක් ජයගත් ලෙසට,
ඔබට හැගෙයි...
ඒ අතර එකෙක් කෑ ගසයි,
"පව්ලූෂා මතක කල බව කියන්න"
අම්මා සුසුමක් හෙලයි..
පාෂා,අන්දෘෂා,පියෝදර්,
යකඩ පොලු ගනියි!
ඉන් එහා වූ ලොවක,
නිකොලායි,ශාෂා,සෝපියා,
අතරමග හිරවෙච්චි,
අලුත් ලෝකය හදයි...
නොනවතින අරගලය
දහඩියෙන්,රුධිරයෙන් තෙත්වී,
ඉදිරියට ගලායයි..
ඒ අතරට "අම්මේ" ඔබ
කදුලු බිදු එක් කරයි......!
[මැක්සිම් ගෝර්කි ගේ "අම්මා" කෘතිය ඇසුරෙනි..]