දැනෙන විට පාලුවක්
සිතට ලොකු තනිකමක්
ළගට විත් ආදරෙන්
තනි මැකූ මෑණියනි........
සක්වලම කළඹවා
ආදරය එකතුකර
ඇගුලිතුඩු අගට ගෙන
මගේ හිස අතගගා
ආදරේ අරුමයන්
සිතට කොදුරා කියා
ආදරය ඉගැන්වූ මෑණියනි.......
දකින සිහිනයන් රෑ
ජීවිතය යැයි සිතා
නොදන ගොස් මග හසර
මoමුලා වූ විටදි
පුතුනි,සිහිනය මෙයැයි
ජීවිතය නම් මෙයැයි
කියා මට සෙනෙහසින්
මග නොමග
කියාදුන් මෑණියෙනි.....
කාලයන් ගෙවී ගොස්
උකුලෙ නැලැවුන පුතා
ඔබෙ හිසට, උරහිසින් සමව ඇත
ඒ නමුත් පෙර මෙන්ම
දෙදන පා යුග ඔබා
ඔබෙ දෙපා සිඹින්නෙමි
එවිට ආඩම්බරය
පිරීගිය ඔබෙ නුවන්,
පුරෝගෙන කදුලකින්
මගෙ පපුව ආදරෙන්
සිපගන්න මෑණියනි......
හතවතට ඔබ බොහෝ ලන්වී
එලෙස මා හද සනසවන විට
ඔබට බැදි ආදරය උතුරා
නුවන් ඒ තුල ගිලී යනවිට,
නෙත් කෙවෙනි තුල බොහෝ කල් සිට
වෙසෙන ඔබවත් එදියෙ ගිලුනිද?
දෙතොල් ලන්කර මගේ සවනට
සිහින් ස්වරයෙන් කියාපන් මට......
මැදියමේ පොත් අතර සැගවී
නව ලොවක් මාගොඩ නගන විට,
එබී මා උරහිසට ඉහලින්
තබා ඔය අත මගේ හිස මත
"ඉතින් තනි වී නොමැත පුත නුඹ"
කියා දහිරිය කවා සුසුමක
මලානික වූ ගතට හෙලමින්
පණපොවාලන මෑනියනි......
ඔබේ ඔය උකුල මත
හෙමින් හිස තබාගෙන,
සෙනෙහෙ සුව විදින්නෙමි
පෙර කලෙක විද පුරුදු..
බිලිදු කල ඇසි ගීත නැලවිලි
ඔබට කියවා අසා ගන්නෙමි
එකල දග කල මතක සටහන්,
ඔබේ දෑසින් බලා ගන්නෙමි
දිනෙන් දින මා ගතින් තරුණව
වැඩෙන බව දන්නා නමුදු; මම
සිතින් තවමත් බිලිදු පුතු වෙමි,
උකුලෙ දගකල බිලිදු පුතු වෙමි.......