මට කෙනෙකු පෙම් කරයි ඇගේ නම කව්මදිය
සරල ඈ සුන්දරය නමුත් මට කම්මැලිය
ඇගේ ආදරය මම දනිමි හදුනමි හොදට
නමුත් ඇය මදාරා ලග තියන්නත් මදිය.....
සිතග දගකරන ඈ, නොදැක දවෙනා නෙතග,
නිතර රැදි කදුලු බිදු නිසා අද වෙලාවද....?
සනසන්ට සිත කියා ලගට එන කව්මදිය,
දකිනවර ඇයව තව තවත් සිහි කෙරේ මට..,
දිනක් නොසිතූ විලස මල් කැකුලු සිනාසුනි
ඉඩොරය නිමාකර සිසිල් වැහි දිය වැටුනි
ගොළුගැසුන විහග නද යලිත් නින්නාද දුනි
නොසිතු මොහොතක සිතට වසන්තය උදා උනි......
ගිම්හානයේ තනිව සිටියදී පෙර කලෙක
ලගම හිද තනි මැකුව කදුලු අද තනිව ඇත
හසරැල්ල පැමිනිලා උරුම වූ අරුමයන්
දුකම දුටු දෙනයනට-නුහුරු නුපුරුදුව ඇත
නිහඩ මැදියම් රැයක අගුල් වැටි සවන් යුග
වසත් ඇරයුම් නදින් රහසේම පිබිද ඇත
පාලු සීතල සුලග එයට රහසින් කියන
ලෙසට ඇය දෙව්ලොවින් මා සොයා බැහැලාද?
මදාරා ඇත්තටම මා සොයා ඇවිල්ලද?
දමා සුරලොව සැපත, සිනිදු සලුපට සේද,
කනක අභරන,භරන,ගිගිරි,කරපට මාල
හව්ඩි බැදි මුදු සේල ඔබ නැතිව හඩාවිද.....
කඩා සේපාලිකා මග දිගට අතුරලා,
සුවද පැන් ඉහ ඉහා මග දෙපස සරසලා
ගෙත්තමින්,කැටයමින්,මල්දමින්, වැඩදමා
ඔබව කැන්දන් එන්න මo බරට වැඩ කලා.....
කව්මදී හඩන්නිය මන් කුමක් කරන්නද?
මගෙ දෙපා බදාගෙන අදෝනා නගන්නිය,
හගුම්බර වී කෙලෙස ජීවිතය දිනන්නද?
මැගේ කදුලැලි මතින් ඇගෙ ලොවට වඩින්නෙමි,
යන්තමින් අතරැදුන පිච්චියත් විකුණලා
දෑත බරටම තෑගි අරන් ඔබ හමුවූනා,
මුව කමල දුටු පමන ලොවම අමතක උනා
බොටුව උව දෙමි සොදුර එන්න මා අත බදා...
සියලු සම්පත් අතැර ආදරේ නාමයෙන්
සොදුර නුඹ පැමිනියා මගෙ ලොවම එලි කලා
වතු පිටිද විකුනලා සසර බැමි කෙටි කලා
කන්න නැති උනත් අපි මගුල ලොකුවට කලා....!
අලුත බැදි මනමාලි නිවසෙ මිණිපහන ඇය,
කෑම ඉවුමට බැරිය එකම අඩුපාඩුවය
ඇගේ දෑගිලි මෘදුය මගේ රෙදි හෝදගමි,
ඇගේ රෙදි හොදන්නෙ ආදරේ වැඩි කමට....
කොස්ස හුරු නැති ඇගේ දෑත රිදවන්නෙම්ද,
මන්ම ගේ අතු ගාමි ඇය ටී.වී බලනකොට
ඉරිදාට හැන්දෑවෙ ගෙදර අස් පස් කරමි
බඩු මල්ල උස්සාන පහුවදා පොලේ යමි...
ඇගෙ මූනෙ උලන්නට ජාති හත අටක් ඇත
කොන්ඩෙ තවරා ගන්න තව ජාති තුනක් ඇත
නියපොත්ත ටත් ගාන කුප්පියක් ගේන්නලු
Straight කර ගන්න තව 3000ක් ඕනෙමලු
පඩිය මදි හොදටෝම OT ත් කරමි මම
රෑ වෙලා ගෙදර එන ගමන හරි විඩාවය
මීවිතට හුරු නොවෙමි,නමුත් අඩියක් ගහමි..
ඒ නැතුව තනිව මේ දුක කොහොම ඉවසම්ද?
එකින් එක කෙස් හැලේ දැන් යමක් දැනේ මට
ගිම්හානයේ තනිය කාන්සිය සැපයි තව
ජීවිතය හැඩකරපු කව්මදිය සොයන්නට
වරක් දෙවරක් නොවෙ බොහොවරක් ප්‍රමාදය...
පාවහන් නොලත් පය බොරලු මත තිය තියා
ඉරීගිය කමිසයෙන් රුහිරු බිදු පිහ පිහා
වරක් අත් හල ඇගේ මතකයට නෙත් යොමා
සිහිසුන්ව වැටෙන තුරු යමි ඇයව සොය සොයා.......
මචෝ වැඩේ නම් සිරා, කෙටි ඒව දාන්න දිගු ලිපි වලට වඩා රසය වැඩි කෙටි ඒවායෙ, සහ එතකොට පෝස්ට්ස් ගානත් වැඩි කරගන්න පුලුවන් නෙ
ReplyDeleteEka tamai kiyanne, salli tiyena kello langa gune na, gune tiyena kellanta salli na, e dekama hoyana eka harima amaru wadak tamai bun, so salli nathi unath gune wath thiyenawanam hondai
ReplyDeleteWow...itz really nyc !!!
ReplyDeleteYou've written about something datz happening everywhere in our society...Recently it's become very common as most of the people are looking for BETTER things,not caring about what they already have...
Nyhw, I like your poem very much...Keep it up!!!
niyamai! eka attada????????
ReplyDeletemadara ... kawmadi. me dennama api dakala thiyena aya ne..bt thama man danne na man hoyanne kaawada kiyala.mata dennama one...eth pre prashneta wisaduma thama na..
ReplyDeletenyhw maxxa soyya..
-aliya-
ප්‍රතිචාර දක්වපු, කියවපු ඔබ සැමට ස්තූතී........දිගටම මේ හා රැදෙන්න..කවිය සුන්දර වන්නේ එය ඔබ හා රැදී,ඔබ හා මුසු වී යන තරමටය.........
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletewow!!!!!!!
ReplyDeletea deep yet simple n subtle approach to a common situation among young ppl......
amazing work kasun...
keep it up :-)
maru kasun..................niyamai
ReplyDelete