Pages

Monday, May 31, 2010

ඇය සොයා යාම....!

බොහෝ කලකට ඉහත
එක් දිනක,
මුළු දවස හැඩ කරපු,
සිහිනයේ නිදි කරපු,
සිනාවෙන් ගත වෙලපු,
සිත නිවපු,
ඇගේ රුව දකින්නට,
ඇගේ අත පතන්නට,
සොදුරු සිත දිනන්නට,
ගියෙමි මම
පෙර එකම එක දිනක,
ඈ දුටුව,
පාලු දුම්රියපොල වෙත.....

මාත් ඔහුත් එකම රේල් පාරේ
පැමිනියෙමු..
නමුත් ඔහු කෝච්චියෙනි,
මන් පයිනි..
ඔහු මගේ
බෝඩිමේ මිතුරාය
ප්‍රේමයේ හතුරාය..
ඔහු දොරක එල්ලීගෙනය..

කෝච්චිය හූ තබා
මා පසුකර යයි....,
ඔහු මට අත වනයි..,
මම සිනසුනෙමි......!

හදවතේ පෙම් ගීත
විඩාවේ අදෝනා
මුසුව ගැයු යුග ගීය
තනුව වැරදුන එකකි

කල්පයක් සේ දැනුන
මිනිත්තුවකට පසුව
දුම්රියපොලට පැමිනියෙමි,
නමුත්.......,
මන් ප්‍රමාදය
බොහෝ ප්‍රමාදය...

ඇය නැත,
දුම් රියද පෙනෙන්නට නැත...
ඉන් නැගුනු දුම් රොටු පමනක්
ඉහල ආකාසය සොයන්නට,
වෙර දරයි
ඊට මුසු වී යන්ට
මාත් සුසුමක් හෙලිමි......

පතන දේ එලෙසින්ම
සැබැවෙන්නේ නැතිය,
ඒ මන්ද?
එය හොදින් හිතන්නට
බන්කුවක වාඩි වෙමි....

"මචන්"
ඒ ඔහුය..
මා මෙන්ම ඔහුද කම්පිතව ඇත

"මචන්"

"ඇයි"

"එය දැන් යන්නෙ බස් එකේලූ..."

6 comments:

  1. Ahaaaa, umbe train eke kathawa ne? Poddak wenas karala, hadala aragena, patta patta, keep it up bro

    ReplyDelete
  2. Atthama siduveemakda macho?? maru ae..... niyamai... Keep up the good work macho...

    ReplyDelete
  3. man bus holt ganne balan indala mata hambuwechchi uththare eya dan yanne dad ekka.:-(

    ReplyDelete
  4. shani..................May 31, 2010 at 8:32 AM

    Wooow niyamai........lassanama lassanai.<<<<<<>>>>>>>>>>>meka eththama siduvimakda kasun...hey he

    ReplyDelete
  5. මොකද බං මේ බොග් එක පටන් ගත්ත වෙලේ ඉදලම මේ විරහ සහ පෙම් සීන්ස් ම දාන්නෙ, වෙන එකක් ලාවට චුට්ටක් හරි දාන්න ඔන්න ඔහේ, කොහොම නමුදු එල වැඩක් සහෝදරයා

    ReplyDelete
  6. gindara machan,,,me siduweema godak denekta aththatama wela athi

    ReplyDelete