කදුලින් සිත්තම් කරමින් දෙනයන
ජීවන සිතුවම රටා මවන විට
හසරැල්ලේ මුදු පින්සල් පහරක
සුවය ලබා දුන්නේ ඔබමය මට
පෙර එක දිනයක ඔබට හොරෙන් මම
ඔබ දෙස බලමින් සුසුම් හෙලන විට
ඔබෙ ඔය මුවගින් නැගෙන සිනා පොද
තුල සැගවී ඇති අසිරිය දුටුවෙමි....
අන්න එදා සිට ඔබ සමගින් මම
ඔබ දැන නොසිටිය ලොවක් තැනූ බව,
ඔබට කියූ විට මා හා උරනව
පියමන් කලහැටි තවමත් පුදුමය..
ඔබ පියමන් කල ඒ පටු මවතෙ,
ඔබෙ පිය සටහන් මැකෙන්නටත් පෙර
ඔබ මා අමතක කල බව ඇසුවිට
සීතල වී වෙව්ලා වටුනෙමි මම......
මට අත දීගෙන සිනා නගාගෙන
ඔබගේ මිතුරිය මා අසලට විත්
"හිතවත කිම මේ කුමට හඩන්නෙද?
ඇගෙ හැටි එහෙමය" කියු හැටි මතකය
ඇගෙ අත අල්ලා නැගී සිටින විට
'සියුමැලි අතැගිලි,නිල්වන් දෙනයන,
සදවන් මුදු මුව,මැය නම් දෙවගකි'
කියා සිතුනි මට...........
කල් ගත වනවිට ඇගෙ රුව බොදවී
මැගෙ රුව ඇගෙ තැන නොදැනම අරගෙන
ඇගේ මතකයන් බොද වී හැකිලී
කොහෙදො මුල්ලක සැගවී ගත් හැටි
නෙත් පියවෙන්නට නොදෙන අගේ රුව,
නෙත් පියවූ කල නොපෙනී යයි....
ඒ වෙනුවට ඇය සිහිනෙන් අවිදින්
දෙනෙත් හරින්නට නොදී හිදී
දහවල සෙවනැල්ලක් මෙන් ලග හිද
මගෙ තනිකම අමතක කරලයි
එනමුදු සීතල පාලු දැනෙන රෑ
මා තනිකර ඔබ පලා දුවයි
ඈ වෙත හනිකට ගොස් එය කී විට
නෙත් යුග හකුලා වරක් බැලූ ඔබ
"හිතවත අමතක කල මැන මා ගැන
මා හදවත වෙන අයෙකු සතුයි"
ඒකත් එහෙමද?නෙත් යුග පොඩිකර
පටු මාවත වෙත පියමන්නෙමි මම
එදා තරම් මට දුකක් දැනෙන්නැත
දන් මට ඔවා හරි පුරුදුයි.....
වරක් සිනාසී පෙරමග බලුවෙමි
දහසක් හිරු නැග දිලෙන හෙටයි
බලාපොරොත්තුව සිතයට සගවා
ඔසවන පියවර ජවය දැනෙයි
ඇගෙ රුව සුවයකි-මැගෙ රුව සිසිලකි
නොදුටුව කිසිවෙක් බලහිදියි
මොහොතක් නවතී සිටින්න බැහැ මට
නොදුටුව රුව අඩ ගසනු ඇසෙයි............