Pages

Showing posts with label hatred. Show all posts
Showing posts with label hatred. Show all posts

Thursday, May 27, 2010

සොදුරිය..........

යනෙන විට මා තනිව මග තොට
නැගේ මතකෙට සොදුරු ඔබෙ රුව
දෙකට හතරට කැඩුන හදවත
දුකම උහුලා නිහඩ වී ඇත

නැගුනු කදුලැලි ගලාගෙන ගොස්
රැව්ල් කෙදි අග ගල් ගැසී ඇත
මා අතර ඔබ ගිය දිනේ සිට
විඩා දරන දෙනත නිදි නැත

එකම තැන හිද ගල් ගැසී ගිය
දෙපා දිගහැර සිතට වෙරගෙන
අලුත් ලොකය සොයා යමි මම
ඔබෙ සුවදත් මතකයත් නැති

එවිට සොදුරිය දුකක් නැත මට
ඔබව සිහිනෙන් පෙනෙන්නෙ නැත
ඔබෙ මතකෙන් දැවෙන හදවත
නිදහසෙ ගිම් නිවාලනු ඇත

අන්න ඒ ලොව සොයා යමි මම
ඔබෙ සුවදත් මතකයත් නැති.......
ඔබ ලැගුම් ගත් "සොදුරු නිවහන-
-මගෙ මතකය" අතර යමි මම

කෙසග පා යුග නගා හෙමිහිට
ගියෙමි ගිනියම දරා බොහො දුර
එවිට කිසියම් නුහුරු මිහිරක්
ලගම අති බව දැනුනි සොදුරිය

ගෙවි දින සති මාස අවුරුදු
ගාට ගාට බොහො දුර ගොස්
අන්න ඈතින් නිල්ල පෙනෙනා
දිනක් හීනෙන් වගෙ එලබුනි...

නිල්ල නගනා සොදුරු බිම්තෙර
ඉතින් සොදුරිය නුදුරු මානය
නමුත් මා ඉන් දුරස් කරමින්
ගලන සිහිලැති නිසල ගගුලකි

සිතට වෙර ගෙන නුහුරු නුපුරුදු
එසුව විදිනට බසිමි වතුරට
දිනක මතුයම් නොදුටු දිනයක
සුවය සොයමින් පිහින යමි මම

පසුපසින් එන මගෙ හිතවත්
අතැරි සොදුරිය හඹා ඒයි මා
වරක් නෙත් යුග පියා වෙරගෙන
කරන්නෙමි මන් ඉතින් තරණය........