බොහෝ කලකට ඉහත
එක් දිනක,
මුළු දවස හැඩ කරපු,
සිහිනයේ නිදි කරපු,
සිනාවෙන් ගත වෙලපු,
සිත නිවපු,
ඇගේ රුව දකින්නට,
ඇගේ අත පතන්නට,
සොදුරු සිත දිනන්නට,
ගියෙමි මම
පෙර එකම එක දිනක,
ඈ දුටුව,
පාලු දුම්රියපොල වෙත.....
මාත් ඔහුත් එකම රේල් පාරේ
පැමිනියෙමු..
නමුත් ඔහු කෝච්චියෙනි,
මන් පයිනි..
ඔහු මගේ
බෝඩිමේ මිතුරාය
ප්‍රේමයේ හතුරාය..
ඔහු දොරක එල්ලීගෙනය..
කෝච්චිය හූ තබා
මා පසුකර යයි....,
ඔහු මට අත වනයි..,
මම සිනසුනෙමි......!
හදවතේ පෙම් ගීත
විඩාවේ අදෝනා
මුසුව ගැයු යුග ගීය
තනුව වැරදුන එකකි
කල්පයක් සේ දැනුන
මිනිත්තුවකට පසුව
දුම්රියපොලට පැමිනියෙමි,
නමුත්.......,
මන් ප්‍රමාදය
බොහෝ ප්‍රමාදය...
ඇය නැත,
දුම් රියද පෙනෙන්නට නැත...
ඉන් නැගුනු දුම් රොටු පමනක්
ඉහල ආකාසය සොයන්නට,
වෙර දරයි
ඊට මුසු වී යන්ට
මාත් සුසුමක් හෙලිමි......
පතන දේ එලෙසින්ම
සැබැවෙන්නේ නැතිය,
ඒ මන්ද?
එය හොදින් හිතන්නට
බන්කුවක වාඩි වෙමි....
"මචන්"
ඒ ඔහුය..
මා මෙන්ම ඔහුද කම්පිතව ඇත
"මචන්"
"ඇයි"
"එය දැන් යන්නෙ බස් එකේලූ..."